අපගෙ අතිපූජනීය ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය අරමුණු කරමින් මීට වසර 10 කට පමණ පෙර ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමය අත්තනගල්ල දුනුමාල ප්‍රදේශයේ ආරම්භ කරන්නට යෙදුණි. ඉතා රමණීය භූමි භාගයක ඉදිවෙන මේ ආශ්‍රමයේ පළමු අදියරේ වැඩ කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතී.
ගෞරවණීය ස්වාමීන්වහන්සේලාගෙ සේනාසන කුටි, ධර්ම ශාලා, දාන ශාලා අතුළුව පිංවතුන් 54 ක කුටි පහසුකම් ඇතිව නේවාසිකව භාවනා කිර්‍රිමේ හැකියාවද මේ සේනාසනය තුල ඇත.
මෙය ඔබ අප සැමගේ වාසනාවකට මෙන් කටයුතු නිම වී අතිපූජනීය ස්වාමීන්වහන්සේ වෙත සම්මා සම්බුද්ධ ශාසනය වෙත අගෝස්තු 30 වන පොහොය දින පූජා වීමට නියමිතය.
එම සේනාසන භූමිය සහ ඉදිකිර්‍රිම කටයුතු අධීක්ශණය සහ දායකත්වය දැක් වූ පිංවත් මහතා ඒ පිළිබඳ පෞද්ගලික විස්තර ඉද්‍රිපත් කිරීමට අකමැති හෙයින් එතුමන් පිළිබද විස්තර ඉදිරිපත් නොකරන්නෙමු.

මෙම පින්කමට සමගාමීව ආරණය භූමිය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් මෙම මස 20 වන දින උදෑසන 9.00 සිට සවස දක්වා පැවැත්වීමටද කටයුතු සම්පාදයනය කර ඇත. මේ ශ්‍රමදානය සඳහා ඔබ සැමටද සහාභාගී වන මෙන් ආරධනා කරමු.

මෙම ආරාම පූජා සහ ධර්ම දේශනා පිංකම්, සම්මා සම්බුද්ධ පූජා, මහා සංඝරත්නය උදෙසා පූජා සහ ඇප උපස්තාන, පූජා සැරසිලි, ගිහි පිංවතුන්ගේ දාන සහ ගිලන්පස ආදී විවිධ පිංකම් සමග සංවිධානය වන අතර ඇතැම් පිංකම මේ වන විටත් සමහර පිංවතුන් භාර ගෙන ඇත. මේ පිංකමේ ඉතිරි කොටස් පිළිබඳ විස්තර ඉදිරියේදී ඔබ සැම දැනුවත් කරමු.

මෙදින උදේ 9 ට මෙම ආරාම පූජාව සිදුවන අතර ඉන් අනතුරුව අති පූජනීය ස්වාමීන්වහන්සේ ගේ ධර්ම දේශානාමය වැඩ සටහනක් දවල් 12 පමණ වන තෙක් පැවැත් වෙනු ඇත.
මේ උතුම් පුණ්‍ය අවස්තාවට පැමිණ සම්බන්ධ වන මෙන් ඔබ සැමට මෛත්‍රියෙන් ගෞරවයෙන් ආරධනා කරමු.

තෙරුවන් සරණයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.