අතිපූජනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය අරමුණු කරමින් මීට වසර 10 කට පමණ පෙර ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමය අත්තනගල්ල දුනුමාල ප්‍රදේශයේ ආරම්භ කරන්නට යෙදුණි. ඉතා රමණීය භූමි භාගයක ඉදිවෙන මේ ආශ්‍රමයේ පළමු අදියරේ වැඩ කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතී.

ගෞරවණීය ස්වාමීන්වහන්සේලාගේ සේනාසන කුටි, ධර්ම ශාලා, දාන ශාලා අතුළුව පිංවතුන් 54 ක කුටි පහසුකම් ඇතිව නේවාසිකව භාවනා කිර්‍රිමේ හැකියාවද මේ සේනාසනය තුල ඇත. මෙය ඔබ අප සැමගේ වාසනාවකට මෙන් කටයුතු නිම වී අතිපූජනීය ස්වාමීන්වහන්සේ වෙත සම්මා සම්බුද්ධ ශාසනය වෙත අගෝස්තු 30 වන නිකිණි පුර පසළොස්වක පොහොය දින පූජා වීමට නියමිතය.

මෙදින උදේ 9 ට මෙම ආරාම පූජාව සිදුවන අතර ඉන් අනතුරුව අති පූජනීය ස්වාමීන්වහන්සේ ගේ ධර්ම දේශානාමය වැඩ සටහනක් දවල් 11.00 පමණ වන තෙක් පැවැත් වෙනු ඇත.
මේ උතුම් පුණ්‍ය අවස්ථාවට පැමිණ සම්බන්ධ වන මෙන් ඔබ සැමට මෛත්‍රියෙන් ගෞරවයෙන් ආරධනා කරමු.

Google drive direction
https://maps.app.goo.gl/Mz4bAWigjTy23a4x6?g_st=ic

Zoom
Meeting ID 863 4154 9120
Passcode 7777

විමසීම්
ලාල් මහත්මයා +94 76422 4858
බාලසූරිය මහත්මයා +94 772533850
දුමින්ද මහත්මයා +94 77698 1792
චානක මහත්මයා +94 702299509

තෙරුවන් සරණයි…

ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමය දායක සභාව
අත්තනගල්ල, ඇතා උඩකන්ද, තලවතුර

2 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.